හිරුණිකා ඇපමත නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

හිරුණිකා ඇපමත නිදහස්

හිරුණිකා ඇපමත නිදහස්

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. 

 

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

 

ඇප නියෝග ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැවසූවේ, විත්තිකාරියගේ විදෙස් ගමන් තහනම් කරන බවයි.

 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.

 

2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබීය. 

 

එම දඬුවම්වලට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇපෑලක් ඉදිරිපත්කර ඇති බැවින් ඇයව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කළ ඇප ඉල්ලීමකට අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

views

225 Views

Comments

arrow-up