ගංගානාත් දිසානායක මහැදුරු තුමන්ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
දේහය මේ වනවිට මත්තේගොඩ සම්බුද්ධි වත්තේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපතිවරයෙකු වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
මියයන විට දිසානායක මහතාගේ වයස අවුරුදු 62 ක්.
645 Views
Comments