බොරැල්ල කළඹමින් ඩිෆෙන්ඩර් වලින් විනෝදවූ කෝටිපති පුතාලාගේ වාහන හයම මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

බොරැල්ල කළඹමින් ඩිෆෙන්ඩර් වලින් විනෝදවූ කෝටිපති පුතාලාගේ වාහන හයම මාට්ටු

බොරැල්ල කළඹමින් ඩිෆෙන්ඩර් වලින් විනෝදවූ කෝටිපති පුතාලාගේ වාහන හයම මාට්ටු

ප්‍රභූ පුද්ගලයන් වශයෙන් ඇඟවෙන ස්ටිකර් වාහනවල ඉදිරිපස අලවා සහ දහවල කාලයේ ආලෝක සංඥා දල්වාගෙන බොරැල්ල ප්‍රදේශයේ ඩිෆෙන්ඩර් රථ 6ක් ධාවනය කරමින් සිටි තරුණයෝ හය දෙනෙක් එම ඩිෆෙන්ඩර් රථ ද සමඟ බොරැල්ල පොලිසිය විසින් පෙරේදා (14) සවස අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

 

ප්‍රභූ වාහන සහ ආරක්ෂක අංශ යොදාගන්නා ආලෝක සංඥා භාවිත කරමින් ඩිෆෙන්ඩර් රථ 6ක් දහවල් කාලයේ සැක කටයුතු ලෙස ධාවනය කරන බවට කොළඹ නාගරික රථවාහන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාමල් පුෂ්පකුමාර මහතා ලබාදුන් තොරතුරකට අනුව බොරැල්ල පොලිසිය මෙම පිරිස ඩිෆෙන්ඩර් රථ හයද සමග අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම පිරිස බොරැල්ල, කුරුඳුවත්ත හා ඒ අවට ප්‍රදේශවල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයන්ගේ පුතුන් බවද පොලිසිය පවසයි. ඔවුහු අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවෙති.  ප්‍රභූ ස්ටිකර් සහ ආලෝක සංඥා භාවිත කළ හැක්කේ ප්‍රභූ පිරිසට සහ ආරක්ෂක අංශවලට පමණක් බවත්, ඒවා සාමාන්‍ය වැසියන්ට භාවිත කිරීම තහනම් කර තිබියදී මෙම පිරිස ඒවා භාවිත කරමින් මෙම ඩිෆෙන්ඩර් රථ ධාවනය කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 

 

මෙම පිරිස බත්තරමුල්ලේ සිට කාසල්වීදිය ඔස්සේ බොරැල්ල දෙසට මෙම ඩිෆෙන්ඩර් රථ එක පෙළට ධාවනය කරමින් අනෙතුත් පිරිසට හිරිහැර වන අයුරින් කටයුතු කර ඇති අතර ඩිෆෙන්ඩර් රථ නවතා පරීක්ෂා කිරීමේ දී ඔවුන් ප්‍රභූන් නොවන බවත් විනෝදය වෙනුවෙන් මෙම ක්‍රියාවල නිරත වී ඇති බවත් තහවුරු වූ බව පොලිසිය පවසයි.

 

අනතුරුව පොලිසියට රැගෙන ආ තරුණයන් පිරිසට තරයේ අවවාද කර මුදාහැර ඇත.බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩබ්ලිව්.එස්.ආර්. ද සිල්වා මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

views

117 Views

Comments

arrow-up