එන්නත්කරනයට බලපෑම් - ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ කොවිඩ් එන්නත්කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට අවශ්‍ය විදියට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා කරයි.
මෙම එන්නත්කරන වැඩපිළිවෙල දේශපාලන බලපෑම්වලින් තොරව සිදු නොවුවහොත් මෙම වසංගතය අවසන් කිරීමට නොහැකි වනු ඇති බව ද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවේ දී සඳහන් කලා.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසූයේ කුරුණෑගල නගරාධිපති වරයා අත්අඩංගුවට ගත්තා මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව ද අත්අඩංගුවට ගත යුතු බවයි.
source:lankacnews
1875 Views
Comments