"දැන් සැපද" කියලා ගහගෙන කරත්තයෙන් ගාලු ආ පිරිසට ඇප

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් බක්කි කරත්තයකින් ගාල්ලේ ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට පත් සිව් දෙනා අද පොලිස් ඇප මත මුදාහැරුණා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සමගි ජන බලවේගයේ තරුණ පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ද ලැනරෝල්ද සිටියා.
මොවුන් රජයට විරෝධය පලකරන දැන්වීම් සමග බක්කි කරත්තෙන් මාගල්ල පාලම අසල සිට ගාල්ල නගරය දෙසට ගමන් කරමින් සිටියදී ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ය.
635 Views
Comments