අද කාලගුණය

මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය යම් තරමකින් අඩු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
කෙසේ නමුත් අද දිනයේදීත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුර, උතුරු මැද සහ වයඹ පළාත් වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
929 Views
Comments