පාර්ලිමේන්තුව අද මධ්‍යම රත්‍රියේ විසුරුවයි - අති විශේෂ ගැසට්ටුවට ජනපති අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව අද (02දා)මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තුවේ වසර හතර හමාරක කාලය මේ වන විට අවසන්ව ඇති හෙයින් ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා මේ වන විට බලය ලැබී තිබුණා.
ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රීයේ නිකුත් කිරීමට සූදානම්.
විශේෂ ගැසට් නිවේදනය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තැබූ බව දේශපාලන අාරංචිමාර්ග සනාථ කළා.
1058 Views
Comments