පොළෙගෙකු දෂ්ට කර දැඩි සත්කාර ඒකකයේ සිටි සිඟිත්තා මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

පොළෙගෙකු දෂ්ට කර දැඩි සත්කාර ඒකකයේ සිටි සිඟිත්තා මරුට

පොළෙගෙකු දෂ්ට කර දැඩි සත්කාර ඒකකයේ සිටි සිඟිත්තා මරුට

පොළඟෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කල අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි දරුවෙකු පෙරේදා(19) මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය කියයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ ගලබැද්ද කොලොන්වින්න මහගංගොඩ පදිංචි ඩබ්ලිව්. එම්. අකේන් නමැති දරුවෙකි.

 

මෙම දරුවා යාබද නිවසට ගොස් මිදුලේ තවත් ළමයින් කිහිපදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටියදී ජල නළයක් අසල සිටි පොළඟෙකු දරුවාගේ පාදයට දෂ්ඨකර තිබේ.

 

ඉන් අනතුරුව දරුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

views

315 Views

Comments

arrow-up