JAN
08
කොරෝනා නැති මහර රැඳවියන් තිදෙනෙකුගේ සිරුරු භූමිදානයට අවසර

පසුගියදා මහර බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය කොරෝනා ආසාදිතයන් නොවන රැඳවියන් තිදෙනකුගේ දේහයන් භූමිදානය කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද ඒ සම්බන්ධයෙන් වලට නඩුව කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දුන්නේ.
මියගිය එම රැඳවියන් තිදෙනාට ආසාදනය නොවීම හේතුවෙන් සිරුරු ඥාතීන්ගේ එකඟතාව මත සුදුසු ස්ථානයක රජයේ වියදමින් භූමිදානය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියෝග කර තිබෙනවා.
586 Views
Comments