ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතන සැකකරුවන් රිමාන්ඩ්

මහ මැතිවරණ අපේක්ෂයකු මෙන්ම ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ, ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 8 දෙනා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔවුන් ලබන 25 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.
මිරිහාන ප්‍රදේශයේ කල්බදු සමාගමක් තුළදී ත්‍රීරෝද රථයක් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ පස්වරුවේ සිදුකළ පහරදීමකින් සුනිල් ජයවර්ධන මහතා මියගොස් තිබෙනවා.
මියයන විට සුනිල් ජයවර්ධන මහතා 53 වියේ පසුවිය.
රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, එම කල්බදු සමාගමේ සේවකයින් පිරිසකි.
734 Views
Comments