සෙරෙප්පු කඩේ ගින්නෙන් මෝටර් රථයක් හා ලොරියක් ගිනිගෙන විනාශයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

සෙරෙප්පු කඩේ ගින්නෙන් මෝටර් රථයක් හා ලොරියක් ගිනිගෙන විනාශයි

සෙරෙප්පු කඩේ ගින්නෙන් මෝටර් රථයක් හා ලොරියක් ගිනිගෙන විනාශයි

ගාල්ල, කෝන්ගහ ප‍්‍රදේශයේ සෙරෙප්පු ගබඩාකර තිබූ කඩ කාමරයක ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් ඒ අසල නතරකොට තිබූ මෝටර් රථයකට හා ලොරි රථයකට හානි වී ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

 

පෙරේදා (05 දා) රාත‍්‍රී මෙම ගිනි ගැනීම ඇතිවී තිබේ. සෙරෙප්පු කැපීම සඳහා රැුගෙනවිත් තිබූ යන්ත‍්‍රයකට මෙන්ම සෙරෙප්පු කර්මාන්ත ශාලාවටද ගිනි ගැනීමෙන් හානි වී ඇත.

 

විදුලි කාන්දුවක් නිසා මෙම ගිනි ගැනීම සිදුවී ඇති බවට සැක කෙරේ. ගාල්ල මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය මගින් ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය. ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

707 Views

Comments

arrow-up