චීනය සැරසෙන්නේ යුද්ධයකටද..?

චීනය විසින් අමෙරිකානු යුද නෞකාවල අනුරූ ගොඩනගිමින් සිටින බවට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් ඡායාරූපවලින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වයඹදිග චීනයේ ෂින්ජියෑන් කලාපයේ කාන්තාර ප්‍රදේශයක අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සම්පූර්ණ පරිමාණයේ අනුරුවක් සකස් කරමින් පවතින බව වාර්තා වේ.
අමෙරිකානු චන්ද්‍රිකා තාක්ෂණ ආයතනයක් විසින් අනාවරණය කර ඇති ආකාරයට අදාළ ප්‍රදේශය දිගින් දිගටම බැලැස්ටික් මිසයිල අත්හදාබැලීම සඳහා යොදාගෙන ඇති බව අනාවරණය වී ඇත.
අමෙරිකානු යුද නෞකාවලට පහරදීම සඳහා පුහුණුවීම්වලට අදාළව එම නෞකා අනුරූ නිර්මාණය කර ඇති බවට විශේෂඥයින් සදහන් කළේය.
735 Views
Comments