මම සිංහල බෞද්ධ නායකයෙක්; බෞද්ධ දර්ශනය තුල සෑම ශ්‍රී ලාංකිකයෙකුම නිදහස් - ජනපති

"මම සිංහල බෞද්ධ නායකයෙක්" එය ප්‍රකාශ කිරීමට කිසි විටෙකත් මැලි නොවන බව ජනපති පැතුම් වන නිදහස් සමරුවේ දී ජාතිය අමතමින් කියා සිටියා.
"මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුව යි"
සිංහල බෞද්ධ දර්ශනයේ ඇති සාමකාමී බව තුළ සෑම ආගමකටම ජාතියකටම ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ නිදහසේ ජීවත්වීමේ අයිතිය හිමි වන බවද ජනාධිපතිවරයා කියා සිටියා.
එසේම කුමන අයුරකින් හෝ දූෂණයට සහාය නොදක්වන ලෙස ද තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසුවා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ හා ඊට අනුබල දුන් සෑම පාර්ශ්වයකට එරෙහිව පියවර ගන්නා බවද ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියා.
686 Views
Comments