ලොක්කන්ට රට පනින්නට ඉඩ නොදී තරුණයෝ කටුනායක ගුවන්තොටුපොලට එකතු වෙයි - (PHOTOS)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මේ වන විට අරලියගහ මන්දිරය අසළ විරෝධතාවයක නියැලෙමින් සිටිනවා.
එම ස්ථානයට විශාල පිරිසක් එක් රැස්ව විරෝධතාවය යෙදෙන බවයි වාර්ථා වන්නේ.
රාත්‍රී 11ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් ඇතිවිය ඒ එම ස්ථානය අසල විරෝධතාව යෙදෙන පිරිස් ආරක්ෂක බාධක ඉවත් කරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟයි.
කෙසේ වුවත් මධ්‍යම රාත්‍රිය දක්වාම ස්ථානය විරෝධතාවය යෙදුණු විරෝධතාකරුවන් අරලියගහ මන්දිරය දෙසට ගමන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ රාත්‍රියේ සිට කටුනායක ගුවන්තොටුපල පිවිසෙන මාර්ග ඔස්සේ කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් තරුණයන් පිරිස් එක් රැස් වී සිටිනු දක්නට ලැබුණා.
ඔවුන්ගේ අරමුණ වී තිබුණේ දේශපාලනඥයන් රටින් පිට වීමට උත්සාහ කළහොත් එයි වැළැක්වීමයි.
2452 Views
Comments