MAY
23
අකූණු සැර වැදී 17 ක් රෝහලේ -(PHOTOS)

කොටගල ඩ්‍රේටන් වතුයායේ සේවය කරමින් සිටි කම්කරුවන් 17 දෙනෙකු අකුණු සැර වැදීමෙන් ඇතිවූ කම්පන සහ පිළිස්සුම් තුවාල නිසා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද (23) පෙරවරු 10:30 ට පමණ අදාල වතුයායේ සවි කර තිබූ යකඩ කුළුණකට මෙසේ අකුණු සැර වැදී තිබුණා.
කෙසේ නමුත් ඇතුළත් කරනු ලැබූ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාවිත්‍රි ශර්මා මහත්මිය ප්‍රකාශ කළේ.
1154 Views
Comments