සැප රියෙන් ඇද්ද ලක්ෂ 250ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් දැලේ

රුපියල් කෝටි දෙකහමාරක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 247 යි ග්‍රෑම් 940 ක් අති සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු හලාවත පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මැරවල ප්‍රදේශයේදී පසුගිය 25 දා රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සැරයන් (67359) වීරසිංහ මහතාට සිය පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ. කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ ඒවා බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් සැකකරු හලාවත සංගට්ටාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයෙකි.
හලාවත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ජාවාරම්කරුවකු විසින් මෙම ගංජා තොගය කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා සැකකරුට ලබා දී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර ඒ සම්බන්ධව ඉදිරි විමර්ශන කෙරෙන බව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතා පැවසීය.
102 Views
Comments