විදුලි බලය නොමැති පවුල් සඳහා නොමිලේ සුර්ය බල විදුලි කට්ටල
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

විදුලි බලය නොමැති පවුල් සඳහා නොමිලේ සුර්ය බල විදුලි කට්ටල

විදුලි බලය නොමැති පවුල් සඳහා නොමිලේ සුර්ය බල විදුලි කට්ටල

විදුලි බලය නොමැති පවුල් සඳහා නොමිලේ සුර්ය බල විදුලි කට්ටල ලබා දීමේ වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කරන බව විදුලිබල ශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහඳමෝදර නව ගම්මානයට විදුලිය සැපයීමෙන් අනතුරුව අදහස් පළ කරමින්.

 

මේ වනවිට විදුලි බලය නොමැති පවුල් 12,500ක් සිටින අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සියයට සියයක් අවසන් කර ඇතත්, එම නිවාස විදුලිය ලබා දිමට සුදුසු තත්ත්වයක නොමැති බවයි, ඇමතිවරයා සඳහන් කළේ.

 

එහෙයින් එම නිවාස වලට සුර්ය බල ශක්තිය මඟින් විදුලිය ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත් විදුලිබල ඇමති මහින්ද අමරීර මහතා පැවසීය.

 

views

827 Views

Comments

arrow-up