ක්‍රෙඩිට් කාඩ් හොරට හැදූ 4ක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කර මුදල් ගෙවීමේදී වංචනික ලෙස කටයුතු කළ පුද්ගලයින් සිව් දෙනෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර ගල්කිස්ස, මහනුවර, වරකපොල පදිංචි අය මෙන්ම චීන ජාතිකයෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මොවුන් මෙම චීන ජාතිකයාගේ සහාය ඇතුව ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් තිහක් පමණ සාදා ඇත.
මෙම කාඩ්පත් භාවිතා කරමින් ඔවුන් දින දෙකක කාලයක් තුළ රුපියල් 780,000ක පමණ මුදලක් වංචා කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
795 Views
Comments