ලංකාවේ කළු දිලීර ආසාදිතයන් නෑ - පළවන වාර්තා බොරු!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

ලංකාවේ කළු දිලීර ආසාදිතයන් නෑ - පළවන වාර්තා බොරු!

ලංකාවේ කළු දිලීර ආසාදිතයන් නෑ - පළවන වාර්තා බොරු!

ඉන්දියාවේ ප්‍රාන්ත හතක වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති කළු දිලීර රෝගය වැළඳුණු ආසාදිතයකු අම්පාර ප්‍රදේශයේ සිටින බවට පසුගිය දිනවල විවිධ පුවත් සංසරණය විය.

 

මෙලෙස සංසරණය වෙන පුවත් අසත්‍ය බව අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

 

මේ වන තෙක් ලංකාවෙන් කළු දිලීර රෝගය ආසාදිත රෝගියෙකු හමුවී නොමැති බවත් අම්පාර ප්‍රදේශයේ මියගිය පුද්ගලයා මියගියේ මොලයේ ඇති වූ දිලීර ආසාදනයකින් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

 

 

 

 

 

 

 

source: adaderana

views

862 Views

Comments

arrow-up