මෙරට වායූ දූෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළයාමක්

මෙරට වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, කොළඹ, මහනුවර, පුත්තලම, වවුනියාව, යාපනය ඇතුළු ප්‍රදේශවල වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 වැනිදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවය.
වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ඉන්දීය අර්ධද්වීපයේ ඉහළ අහසේ වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුළු වීම බව ඔහු සඳහන් කළේය.
710 Views
Comments