JUL
31
වැල්ලම්පිටියේ හෙරොයින් කිලෝ 23ක් STF භාරයට

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 23 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවයි.
සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු පුකුඩි කන්නාගේ ඥාතියෙකු බව පොලීසිය සඳහන් කළේ ය.
ඔහු කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
770 Views
Comments