බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිය සමිති කිහිපයක් අද වැඩ වර්ජනයක

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිය සමිති කිහිපයක් අද (08) දින වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බව වාර්තාවේ.
අද (08) පෙරවරු 8.00 සිට රජයේ රෝහල්වල වෛද්‍යවරු පැය විසි 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එසේ ම කොළඹ හයිඩ් පිටියේ දී දැවැන්ත විරෝධතා රැලියක් සංවිධානය කර ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසයි.
තව ද බැංකු සේවකයින් ද අද (08) දහවල් 12.30 සිට සේවයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.
එසේ ම වරාය සේවකයින් ද අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ද රජයේ විධායක නිලධාරීන් ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක නිරත වන බව ද වාර්තාවේ.
244 Views
Comments