චීනයෙන් එන චීන ජාතිකයන් නිරෝධායනය නොකිරීමට හේතුව කුමක්ද?

ශ්‍රී ලංකාවට පැමිණෙන චීන පුරවැසියන් නිරෝධායනය කිරීමට අපොහොසත් වීම පිළිබඳව ජේවීපී අද රජයගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
“කිසිදු නිරෝධායනයකට යටත් නොවූ ගුවන් යානා 2 කින් චීන ජාතිකයන් 180 ක් 7 වනදා පැමිණියා” යැයි ජේවීපී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවා.
"කොරොනා වයිරසයේ ප්‍රධාන ස්ථානය චීනය වන නමුත් ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් පරීක්ෂා කර නිරෝධායනය කරනු ලබන අතර චීන ජාතිකයන් නිරෝධායනයට ලක් කිරීමක් සිදුවන්නේ නෑ."
නිරෝධායන ක්‍රියාවලියකින් තොරව චීන ජාතිකයන් 60 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ දිනයේද දිවයිනට පැමිණ ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
883 Views
Comments