අවසන් දිනය සඳුදා – මැති ඇමතිවරුන්ට ජනාධිපතිගෙන් විධානයක්

දිවුරුම් දෙන ලද කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් එළැඹෙන සඳුදා දිනට පෙර අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබෙනවා.
මහනුවර මඟුල් මඩුවේදී ඇමැති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති දිවා භෝජන සංග්‍රහයේදී මෙම දැනුම්දීම සිදුකර තිබුණා.
ඒ අනුව කැබිනට් ඇමැතිවරුන් රැසක් අද (13 ) වැඩ භාර ගැනීමට නියමිතයි.
ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි වැනි ඇමැතිවරුන් එලෙස වැඩ භාර ගැනීමට නියමිත බව එම අමාත්‍යාංශ නිවේදනය කර තිබෙනවා.
1008 Views
Comments