උස්වැටකෙයියාව ගබඩාව කොල්ල කෑ කොල්ලකරුවන් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

උස්වැටකෙයියාව ගබඩාව කොල්ල කෑ කොල්ලකරුවන් අත්අඩංගුවට

උස්වැටකෙයියාව ගබඩාව කොල්ල කෑ කොල්ලකරුවන් අත්අඩංගුවට

පමුණුගම - උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තොග ගබඩාවක් කොල්ල කා පලා ගිය කොල්ලකරුවන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය හා කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ත් 40ත් අතර වයසේ පසුවන සැකකරුවන් තිදෙනෙකි.

 

කොල්ලකරුවන් පසුගියදා මෙම තොග ගබඩාවේ මුරකරුට තියුණු ආයුධයකින් පහර දී එහි රියදුරු ද සමඟ කාමරයක සිරකර මෙම කොල්ලකෑම සිදුකර තිබුණි.

 

ඔවුන් ගබඩාවේ තිබූ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක්, කන්ටේනර් රථ 05ක් යොදා ගනිමින් සොරකම් කර තිබුණි.

views

230 Views

Comments

arrow-up