MAY
31
කුරුණෑගල නගරාධිපතිවරයා පොලීසිය ඇතුලෙම උපන්දින සාදයක් තියලා - අවසර දුන් ASPට ස්ථාන මාරුවක් (VIDEO)

කුරුණෑගල නගරාධිපති වරයාගේ උපන්දිනය එම ප්‍රදේශයේ පොලිස් ස්ථානයක දී පැවැත්වීමට අවසර දුන් සහකාර පොලිස් අධිකාරී වරයෙකු ස්ථාන මාරු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
නගරාධිපති වරයා විසින් පොලිස් ස්ථානය තුලදී කේක් කපමින් සැමරුම් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
පොලිස් මූලස්ථානය වෙතින් මෙම සිද්ධිය දැඩි ලෙස හෙළා දැක ඇති අතර පොලිස්පතිවරයාගේ නියෝගයෙන් සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.
නගරාධිපතිවරයා උපන්දිනය සැමරූ ආකාරය පහතින්
source: adaderana
859 Views
Comments