අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි හයසින්ත් විජේරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ

රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනි හයසින්ත් විජේරත්න මහත්මියගේ දේහය පිලිබඳව අවසන් කටයුතු අද(04) පස්වරුවේ මාබෝල -ආරෝග්‍යමාතා දේවස්ථාන සුසාන භූමියේදී කලාකරුවන් ඇතුලු පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
වත්තල, මාබෝල, කට්ටියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසෙහ් දේහය තැන්පත් කර තිබුණු අතර, ඊට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ සහ අද කලාකරුවන් ඇතුලු විශාල පිරිසක් පැමිණියහ.
නුවරඑළියේ රූගත කිරීමක් සිදුකර යළි කොළඹ බලා පැමිණෙමින් සිටින අතරතුර ඇය ගමන් ගත් වෑන් රථය හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ ලිඳුල නගරය ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන
ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවූයේ පසුගිය 30 වනදා රාත්‍රියේදීය.
ඒ වනවිට රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න 75 වන වියේ පසුවිය.
850 Views
Comments