"ඔය ඇඳුම ගරාජ්වල අයත් අඳිනවා" - චීන ඇඳුම ගැන කෙහෙළිය කියූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

"ඔය ඇඳුම ගරාජ්වල අයත් අඳිනවා" - චීන ඇඳුම ගැන කෙහෙළිය කියූ දේ

"ඔය ඇඳුම ගරාජ්වල අයත් අඳිනවා" - චීන ඇඳුම ගැන කෙහෙළිය කියූ දේ

හම්බන්තොට තිස්සමහාරාමය වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු වලට පැමිණි චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු පුද්ගලයින් සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසු විට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ, එම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර ඇති බවයි.

 

එම ඇඳුම හුදෙක්ම අදාළ ආයතනයේ නිල ඇඳුම පමණක් වන බවට එහිදී අනාවරණය වු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

ප්‍රශ්නය - දේශීය පුද්ගලයින්ටත් පුළුවන් ද මේ වගේ ඇඳුම් ඇඳගෙන රාජකාරි කරන්න?

 

“ලියාපදිංචි ආයතනයක් නම්, ආරක්ෂක ආයතනයක් නම් ඒ ආයතනවල ලැයිස්තුවක් තියෙනවා ඇඳුම් තිබිය යුත්තේ කෙසේ ද කියලා. එතැනින් වෙනස් වෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න වෙනවා. ඉදිරිපත් කළාම ඒකට අනුමැතියක් හිමිවෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්.“

 

 

ප්‍රශ්නය - මේ පුද්ගලයෝ චීන ආරක්ෂක අංශවලට සම්බන්ධ අය ද?

 

“අපි දන්නා තරමට යුද හමුදා කට්ටිය නෙමෙයි. මේ තියෙන්නේ CID වාර්තාව.පෙළක් වෙලාවට මම දැකලා තියෙනවා ගැරාජ්වලත් ඔය වගේ ”‍Overall Kit”‍ තියෙනවා. ඔබ තුමන්ලා ගිහින් බලන්න පෙළක් හොඳ ගැරාජ්වල එහෙම ඒවා තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. මම ඕනේ නම් කියන්නම් ඒවගේ ගැරාජ් කිහිපයක්ම.“

views

705 Views

Comments

arrow-up