DEC
01
මාස දෙකකට පසු ‘වැඩිම මාරක රිය අනතුරු ගණනක්’ ඊයේ සිදුවෙලා

මාස දෙකකට පසු වැඩිම මාරක රිය අනතුරු සංඛ්‍යාවක් ඊයේ(30)දිනයේදී වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඊයේ සිදුවූ මාරක රිය අනතුරු 06 කින් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු කියා සිටියේ.
පසුගිය ඔක්තෝම්බර් 04 වනදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ මාරක රිය අනතුරුවල අඩුවක් දක්නට ලැබුණද, මෙම සතිය ආරම්භයත් සමග නැවතත් මාරක රිය අනතුරු ඉහළ ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
733 Views
Comments