ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට එක්වීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව පසුගිය දින අත්අඩංගුවට ගැනුණු ජීවන්ත පීරිස් පියතුමන් අද(12) ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ එතුමා නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදීයි.
මෙහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, පියතුමන්ව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබුණා.
199 Views
Comments