තව මාස තුනකින් එලවලු ගන්නත් පෝලිම්

ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳ පොළ වෙළෙඳුන් කියා සිටින්නේ වෙළඳපලට එළවළු සැපයීමේ කටයුත්ත ඉදිරි මාස තුනක කාලය තුළ සම්පූර්ණයෙන්ම නවතිනු ඇති බව මෙන්ම මේ වන විට සුළු පරිමාණ එළවළු ගොවින්ගෙන් 50%ක් යටිතල පහසුකම් හිගය මත වගාවෙන් ඉවත් වී සිටින බවයි.
සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත මහතා සඳහන් කළේ පසුගිය දෙසැම්බර් මාසයේ දී ද මේ සම්බන්ධයෙන් රටට හෙළි කළ බව යි.
තවදුරටත් සභාපතිවරයා පැවසුවේ ඉදිරි මාස 3 පසුව රට පුරා එළවළු හිගයක් ඇති වනු ඇති බවත් දැන් ඉන්ධන ලබා ගැනීමට මෙන් එළවළු ලබාගැනීමට ද දිගු පෝලිම් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්ය.
341 Views
Comments