OCT
01
මාස 2කට කරාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලයේ 195ක කොවිඩ්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉකුත් මාස 2 ඇතුලත කාර්ය මණ්ඩලයේ 195 දෙනෙකු කොවිඩි වෛරසය ආසාදනය වී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
අගෝස්තු 1 දා සිට සැප්තැම්බර් 30න් අවසන් වූ මාස දෙක තුල සිදු රෝහල් කාර්ය මණ්ඩලය සඳහා සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වලින් මේ බව තහවුරු වී ඇත.
කොවිඩ් වෛරසය අසාධිතයින් අතර වෛද්‍යවරුන්,හෙද හෙදියන්,රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන්ද සිටින බව රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කරයි.
642 Views
Comments