ඩොලර් උන්ඩියල් කරන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

ඩොලර් උන්ඩියල් කරන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ඩොලර් උන්ඩියල් කරන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ඩොලර් අර්බුදයක් රටේ පවතින අවස්ථාවක බැංකු ගත නොකර උන්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 47.000 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරුවන් සන්තකයේ තිබු ඩොලර් වල වටිනාකම රුපියල් 1, 71,55,000.ක් බව විශේෂ කාර්ය බළකාය කියයි.

 

මෙම උණ්ඩියල් ක්‍රමයට සිදු කරන මුදල් ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ  මෙහෙයුම් ඒකකයේ 01 නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

 

මුදල් සමඟ එක් සැකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට ආධාර  අනුබලදීම යටතේ සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

views

667 Views

Comments

arrow-up