පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය හෙට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය හෙට

පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය හෙට

අද (17) රට තුළ ඉන්ධන සැපයීම අඩාල වීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මකවීම දුර්වල වීම නිසා රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමාකරමින් චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළේය.

 

එළඹෙන සඳුදා (20) සිට සති දෙකක කාලයක් සඳහා මෙය පනවා ඇත.

 

 අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, මෙම චක්‍රලේඛයට සමගාමීව පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය හෙට (18) දැනුම්දෙන බව සඳහන් කර සිටියේය .

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අතර හෙට සාකච්ඡාවක් පවත්වා එහිදී මේ සඳහා තීරණයක් ගනු ඇත.

 

 

views

225 Views

Comments

arrow-up