අධිවේගයේ මාරක අනතුරක් - කාන්තාවක් මරුට, හය දෙනෙක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

අධිවේගයේ මාරක අනතුරක් - කාන්තාවක් මරුට, හය දෙනෙක් රෝහලට

අධිවේගයේ මාරක අනතුරක් - කාන්තාවක් මරුට, හය දෙනෙක් රෝහලට

අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කඩවත අතර ප්‍රදේශයේදී අද අළුයම ජීප් රථයක් වෑන් රථයක ගැටී සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක මියගොස් හය දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි. 

 

ගාල්ල ප්‍රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වී නැවත එමින් සිටි වෑන් රථයක , කහතුඩුව ප්‍රදේශයේ සිට කටුනායක දෙසට යමින් සිටි ජීප් රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණි. 

 

අනතුරින් මිය මියගොස් ඇත්තේ මාලඹේ තලාහේන සත්සර මාවතේ අංක 171/5 හි පදිංචි සුනේත්‍රා විජේසේකර පතිරණ (56) කාන්තාවක බව පොලිසිය කියයි  

 

මෙම කාන්තාව ඇතුළු තවත් පිරිසක් ගාල්ල ප්‍රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වී නැවත නිවසට එමින් සිටියදී අතුරුගිරිය පිවිසුම පසු කොට කිලෝමීටර් 3.9 සහ කිලෝමීටර් 4.1 අතර ප්‍රදේශයේ දී පිටුපසින් පැමිණි ජීප් රථයක් , වෑන් රථයේ දකුණු පස බදෙහි ගැටී අනතුරක් සිදුව තිබුණි. 

 

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් පස්දෙනකු සහ ජීප් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහල ඇතුළත් කර ඇති අතර එහිදී වෑන් රථයේ ගමන්ගත් කාන්තාවක මියගොස් තිබූ බව පොලීසිය කියයි.

views

244 Views

Comments

arrow-up