ගෑස් සමාගම අත්තනෝමතික ලෙස වායු සංයුතිය 50:50 කරලා - ඇමති පාර්ලිමේන්තුවේදී පිළිගනී

ගෑස් සමාගම් මෙරට අලෙවි කරන ගෘහස්ත ගෑස් සිලින්ඩරයක ගෑස් සංයුතිය ප්‍රොපේන් 50%ක්ද බියුටේන් 50%ක්ද වන ලෙස වෙනස් කර ඇති බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පාර්ලිමේන්තුවේ දී පිළිගත්තා.
ඔහු පවසන්නේ මෙම වායු සංයුතිය 18L ගෑස් සිලින්ඩරයේ ද පැවැති අතර එසේ නම් එම කාලයේ ගෑස් පිපිරීම් සිදු නොවුනේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඉංජිනේරුවන් සඳහන් කලේ ප්‍රොපේන් වායුව බියුටේන් වායුව මෙන් සිව් ගුණයකින් අධි ක්‍රියාකාරී සහ පීඩනයකින් යුක්ත බවයි.
මේ හේතුවෙන් ප්‍රොපේන් වායු ප්‍රමාණය ඉහළ දැමූ විට ගෑස් සිලින්ඩරය තුළ පීඩනය වැඩි වන අතර එමනිසා ගෑස් සිලින්ඩරයේ වෑල්ව හරහා මෙම වායු පිටතට කාන්දු විය හැකියි.
1207 Views
Comments