FEB
22
ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුට හමුදාවේ සම්බන්ධයක් නෑ - යුද හමුදාපති

ගණේමුල්ල සංජීව ඝාතනය කළ සැකකරු හමුදාවේ ‘කොමාන්ඩෝ’ පුහුණුව ලබපු. මොහොතේම පලාගිය අයකු බැවින් ඔහු ආරක්ෂක හමුදාවට කිසිදු සම්බන්ධයක් නැතැයි යුද්ධ හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු මහතා පැවසීය.
පසුව ඔහු පොදු සමාව යටතේ ගිය අයෙකු බව කී හමුදාපතිවරයා ඔහු හමුදාවට සම්බන්ධයක් නැති වුවත් මෙම සිද්ධිය පිළිබඳව අද ජාත්‍යන්තරය පුරාම පැතිර ඇත්තේ මෙම සැකකරු හිටපු හමුදා නිලධාරියකු ලෙසට හැඳින්වීමෙන් යැයිද හමුදාපතිවරයා සඳහන් කළේය.
123 Views
Comments