JUL
05
හිඟන්නාගේ ගිණුමේ රුපියල් ලක්ෂ 1400ක් – අත්තිඩියේ බැංකු ගිණුමක් රටම හොල්ලයි

කුඩු ජාවාරමකු වන මර්වින් ජානාගේ කුඩු සල්ලි රුපියල් ලක්ෂ 1400ක් තැන්පත් කර තිබූ යාචකයකුගේ බැංකු ගිණුමක් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සිදුකළ විමර්ශනයකදී සොයාගෙන තිබෙනවා.
මෙම යාචකයාගේ නමට අත්තිඩියේ පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කර එහි බැංකු පොත හා කාඩ්පත මර්වින් ජානාගේ බිරිඳ සන්තකයේ තබාගෙන ඇති බව වාර්තා වනවා.
පසුගිය වසරේ ජූලි 15දා සිට මාස 11ක් තුළ රුපියල් ලක්ෂ 1400ක් තැන්පත් කර තිබෙනවා. මර්වින් ජානා දැනට බන්ධනාගාරගතව සිටී.
3054 Views
Comments