අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

අද කාලගුණය

අද කාලගුණය

අද (02) දිනයේ දී බස්නාහිර සබරගමුව, මධ්‍යම, උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100ට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

දිවයින වටා විහිදී ඇති මුහුදු ප්‍රදේශ අතුරින් මන්නාරමේ සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල කොළඹ ගාල්ල, හම්බන්තොට යන ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දිනයේදී ඇතිවිය හැකියි.

 

පොතුවිල් සිට ත්‍රිකුණාමලය දක්වා මඩකලපුව හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

මීට අමතරව ගාල්ලේ සිට පොතුවිල් දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශය විටින් විට තරමක රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

views

542 Views

Comments

arrow-up