OCT
26
පෑලියගොඩින් හමුවූ නාඳුනන මළ සිරුර

පෑලියගොඩ, වනවාසල මාර්ගයේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.
එම පුද්ගලයාට පහරදීමකින් මරා දමා ඇතැයි පොලීසිය සඳහන් කළේය.
එම පුද්ගලයාගේ වයස අවුරුදු 35ක් පමණ වන අතර අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බවද කැලණිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා පැවසුවේය.
777 Views
Comments