පස්සරදී 14 දෙනෙකුට මරු කැදවු රියදුරා යුද හමුදාවෙන් පලා ආ ලාන්ස් කෝප්‍රලවරයෙක්

පස්සර 13 කණුවේදී මගීන් 14 දෙනෙකුට මරු කැදවමින් බස් අනතුර සිදු කළ රියදුරු යුද හමුදාවෙන් පලා ආ අයෙකු බව හෙළිව තිබෙනවා
2011 වසරේ සැප්තැම්බර් මස 03 වැනි දින මොහු යුද හමුදාවෙන් පලා ගොස් ඇති අතර එවක ඔහු ලාන්ස් කෝප්‍රලවරයෙකු ලෙස රාජකාරි සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ
කොඩිතුවක්කු ආරච්චිලාගේ නිහාල් චන්ද්‍රකුමාර නැමැති මොහු යුද හමුදා ගැමුණු හේවා බළකායේ සේවය කරමින් සිටියදී මෙලෙස පලාවිත් තිබුණා
වසර 10 ක් මොහුව යුද හමුදාව සොයා තිබෙනවා
නමුත් මොහු ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කරමින් කටයුතු කිරීම නිසා මොහුව සොයා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා
මොහුගේ අවිනීතවත්කම හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකුට සිය ජීවීත අහිමි වුණා
දැනට මිනී මැරුම් චෝදනා යටතේ ඔහුව බන්ධනාගාර ගත කොට තිබෙනවා
ඔහු රිමාන්ඩ් භාරයේ සිටියත් යුද හමුදාවෙන් පලා ඒම ගැන ඔහුට යුද හමුදා නීතියට අනුව විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. ඒ යුද් හමුදාපතිගේ නියෝග පරිදි
552 Views
Comments