හෝර්ටන්තැන්නේ සංචාරය සදහා දිනකට කණ්ඩායම් 50 කට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

හෝර්ටන්තැන්නේ සංචාරය සදහා දිනකට කණ්ඩායම් 50 කට අවසර

හෝර්ටන්තැන්නේ සංචාරය සදහා දිනකට කණ්ඩායම් 50 කට අවසර

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය 50 කට සීමාකර ඇති බවත් එම පිරිස්ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් වනෝද්‍යානයට ඇතුළත්විය යුතු බවත් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පැවසුවා.

 

කෝවිඩ් - 19 වයිරසය පැතිරීයාමත් සමඟ මාස තුනක පමණ කාලයක් සම්පුර්ණයෙන් වසා දමා තිබු හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් දිනපතා විවෘත කර ඇති බවත් වනෝද්‍යානය උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් සංචාරකයන් වෙනුවෙන් විවෘත ඇති බවත් ඒ මහතා සඳහන් කර සිටී.

 

 

පස්වරු 2.00 න් පසුව වනෝද්‍යානයට කිසිම පුද්ගලයෙකු ඇතුළත් කර නොගන්නා බවත් දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය 50 කට සීමා කර ඇති බැවින් හෝර්ටන්තැන්න නැරඹීමට පැමිණෙන පිරිස් හැකිතාත් උදෑසනම පැමිණීමෙන් සිදුවිය හැකි දුෂ්කරතා සහ අපහසුතාවයන් මඟ හරවා ගත හැකියි.

 

දෙස් - විදෙස් සංචාරකයන්ට කිසිඳු බාධාවකින් තොරව වනෝද්‍යානය ඇතුළත ගමන් කිරීම සඳහා ස්වාභාවික මංපෙත් සියල්ලම වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

views

693 Views

Comments

arrow-up