හොරෙන් රට යන්න හැදූ තුන් දෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

හොරෙන් රට යන්න හැදූ තුන් දෙනෙක් අත්අඩංගුවට

හොරෙන් රට යන්න හැදූ තුන් දෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ බ්‍රිතාන්‍ය වීසා බලපත්‍ර භාවිතා කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් බ්‍රිතාන්‍යය බලා යාමට උත්සාහ කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ මල්ලාවි සහ චාවකච්චේරි යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23ත් 31ත් අතර වයසේ පසුවන තරුණයන් තිදෙනෙකි.

 

ඔවුන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කොට්ඨාශය වෙත භාරදී තිබේ.

 

මෙම තරුණයන් තිදෙනා ඉදිරිපත් කළ විදේශ ගමන් බලපත්‍රවල තිබූ බ්‍රිතාන්‍ය වීසා සහතික පිළිබඳ සැක සිතුනු ආගමන විගමන නිලධාරීන් මේ පිළිබඳ සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙලෙස මෙම තරුණයන් තිදෙනා ඔවුන්ගේ භාරයට ගෙන තිබුණි.

 

views

211 Views

Comments

arrow-up