“ශ්‍රී ලංකාවේ තත්ත්වය හොඳ නෑ” - ෆ්ලයි ඩුබායි ගුවන් සේවය ලංකාවට එන්න බෑ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

“ශ්‍රී ලංකාවේ තත්ත්වය හොඳ නෑ” - ෆ්ලයි ඩුබායි ගුවන් සේවය ලංකාවට එන්න බෑ කියයි

“ශ්‍රී ලංකාවේ තත්ත්වය හොඳ නෑ” - ෆ්ලයි ඩුබායි ගුවන් සේවය ලංකාවට එන්න බෑ කියයි

ශ්‍රී ලංකාවේ වර්තමාතයේ පවතින දේශපාලන සහ ආර්ථික නොසන්සුන්තාව හේතුවෙන් අඩු පිරිවැයක් සහිත ගුවන් සේවයක් වන Flydubai ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත් මගීන්ට මුදල් ආපසු ලබාදෙන බවත් එම ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත.

 

“ඩුබායි සහ කොළඹ ගුවන් තොටුපළ අතර Flydubai ගුවන් ගමන් ජූලි 10 සිට නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවා ඇත. ශ්‍රී ලංකාවේ  ඇතිවී තිබෙන තත්වය අප සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු” 

 

ෆ්ලයිඩුබායි ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ(11) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

views

250 Views

Comments

arrow-up