APR
10
උත්සව සමයට රු.5000ක දීමනාවක්

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් පන්දහසක දීමනාවක් අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට රජය තීරණය කර ඇත. රටේ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙලෙස ආධාර මුදල් ලබා දීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම දීමනාව ඉදිරියේදී ජනතාවට ලබා දීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියි.
611 Views
Comments