කැස්බෑ බිත්තර තොගයක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

දික්වැල්ල කෝට්ටේගොඩ ප්‍රදේශයේදී කැස්බෑ බිත්තර තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලද තොරතුරක් මත අද දහවල් කැස්බෑ බිත්තර තොගය රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි අත්අඩංගුවට ගැනුණේ. සැකකරුවන් සතුව තිබී කැස්බෑ බිත්තර 607 පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වයස අවුරුදු 23 36 48 හා 61 යන වයස්වල පසුවන දික්වැල්ල බෙලියත්ත මාලියද්ද සහ කෝට්ටේගොඩ යන ප්‍රදේශවල පදිංචි අයයි. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි
822 Views
Comments