නිරෝධායන පවුල්වලට පහසුකම් දීම ‘අධීක්ෂණය නොකළ පොලිස් ස්ථානාධිපතිට’ විනය ක්‍රියා මාර්ග
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

නිරෝධායන පවුල්වලට පහසුකම් දීම ‘අධීක්ෂණය නොකළ පොලිස් ස්ථානාධිපතිට’ විනය ක්‍රියා මාර්ග

නිරෝධායන පවුල්වලට පහසුකම් දීම ‘අධීක්ෂණය නොකළ පොලිස් ස්ථානාධිපතිට’ විනය ක්‍රියා මාර්ග

වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

 

කොවිඞ් 19 පැතිරීම වැලැක්විමේ චක‍්‍රලේඛ අනුව කි‍්‍රයාත්මක නොවීම ඔහුට එල්ල වී ඇති චෝදනාවක්. නිරෝධායනය වන පවුල්වලට අවශ්‍ය පහසුකම් සැපයීම සහ ඔවුන් සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් නොකළ බවටත් වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

 

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද කි‍්‍රයාත්මක කිරීමටයි පියවර ගැණුනේ. බස්නාහිර පළාතභාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉකුත්දා වැලිපැන්න පොලිසියට ගිය අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා හා එහි පරිපාලන අංශයේ ස්ථානාධිපතිවරයාද සිවිල් ඇදුමින් සැරසී සිටි ඇති බවටයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

 

 

views

739 Views

Comments

arrow-up