අකුරට ගිහින් ගුටි ඇන ගත් එකම පාසලේ සිසුන් 6ක් අත්අඩංගුවට

මිහින්තලය බස් නැවතුම්පල ඉදිරිපිට ගුටිබැට හුවමාරු කරගත් පාසල් සිසුන් හය දෙනකු මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිහින්තලයේ ප්‍රධාන පාසලක සිසුන් දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
එකම පාසලේ දහය සහ එකොළහ ශ්‍රේණියේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇතැයි පොලිසිය පවසයි.
ගුටිබැට හුවමාරුවට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.
අත්අඩංගුවට ගැනුණු පාසල් ළමුන්ගේ මව්පියන්ද කැදවා යළි මෙවැනි කටයුතු සිදු නොකිරිමට වගබලා ගන්නා ලෙස දැඩි අවවාද කර මෙම සිසුන් මාපියන් වෙත භාර දිමට කටයුතු කල බව පොලිසිය පැවසිය.
828 Views
Comments