දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 10,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේදී සිදුකල දෛනික පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 10 000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී මෙරට සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ ගණන 11, 552 ක්. එය මේ දක්වා ශ්‍රී ලංකාවේදී එක් දිනයකදී සිදුකල වැඩිම පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ ගණන හාර ලක්ෂ 80, 838 දක්වා ඉහළ යනු ඇති.
මේ අතර, කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට නම් පීසීආර් පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබීමේ කාර්යය කඩිනම් විය යුතු බව බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. පසුගිය දින කිහිපයේදී සිදුකල පළමුපෙළ ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ වල ප්‍රතිඵල රැසක් මේ වනවිටත් ලැබී නොමැති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.
627 Views
Comments