කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුව ට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.
ජාතික ජන බලවේගය පක්ෂය මැතිවරණ අපේක්ෂකයෙකු වන නාමල් කරුණාරත්න මහතා විසින් පෙත්සම ඉදිරිපත්කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කර තිබේ.
732 Views
Comments